2015/11/24

අඩෝ මේ හඳ,
අකුලගෙන යනවද
ආපු අතකට?
ආසයි තමයි හුඟක් අය
උඹේ දිලිසෙන මූණට
ඒ වුණත් මොන
කරුමයක්ද මේ
එළිය හොල්මන් පාටට!
මං නං ආස අමාවකට.
තරු කොහේ පෙනෙන්ටද ඉතිං
අඳුර බිඳුවක් නැති කොට
මේ මළ කෙහෙම්මල් පෝයට!

2015/11/23

වියරු සුළිසුළඟකින්
අළු පිසදැමූයෙන්
ගිනි පුපුරු මතුව විත්
යළිත් ගිනි ඇවිළින
රිදුම් දී දැවෙමින්
එවන් ගිනි පැතිරී
දස අතට විසිරී
යළිත් හද මැළවින
එවන් වූ හදවත්
දිනෙක වී සවිමත්
ඒ තුළින් බොහෝ කවි
ඉපැදි බැව් සැලවින
මෙවන් ඒ හදවතත්
යළි යළිත් ගිනිබත්
වුවත් මතුයම් දිනෙක
කවි ලියන බැව් කියවින

2015/11/14


ආකහෙන් පොළවට එවන

හීත ඊ වගෙ දැනෙන

වැහි බිඳ ගානෙ පාරට වැටෙන
හුරුබුහුටි මල බැගින් පිපෙන 


smile emoticon

2015/10/27

උණුහුමෙන් සිත නළවාපු
ඉර එළිය නිවුණිද සිතුණි
සුළඟ සවනට මුමුණාපු
කවි සිතුම් මැකුණිද සිතුණි
රාත්‍රියේ නුඹ අමුණාපු
තරු නිවා දැමුණිද සිතුණි
මිතුරු හිතිවිලි වපුරාපු
සුදු වලා මැරුණිද සිතුණි
නිල් අහස දුක හංගාපු
නුඹ සොයා එන්නට සිතුණි
සොයා එන්නට තටු නොමැත
මට බොහෝ, බොහෝ දුක සිතුණි

2015/10/13

අර ක්ලාස් මේ ක්ලාස්
කෝසස් ප්‍රොජෙක්ට්
ඔක්කෝම අතරෙදි
වැස්සෙත් ටිකක්
තෙමුණෙ නැත්තම්
හිතට හරි මදි kiki emoticon

2015/10/09

බරැති ලී බංකු මේසද
ගිනියම් ටකරන් වහලද
තරු ඇස්, හිනා මුතු පේලිද
යළිත් කවදා එකට හමුවේවිද..... </3

2015/08/08

Everyone is saying not to loose hope. It's not a good thing they say... So is it a good thing to keep hope? Well, I think it's the other way around. because people hope for good things to happen and good things, basically never happen! But still, people like to keep hope. They hope to live. So they do things to live. They study, take exams, work, earn money... But the truth is, they are not gonna live. They are gonna die. So they should be doing the things they like to do, telling they're loved ones how much they mean & making them feel how loved they are... Do things to die. But that makes people afraid. They fear death. So they prefer to keep hope to live instead of keeping hope to die.
Me?
I'm not afraid to die. I'm afraid to live!
හැමෝම කියනවා බලාපොරොත්තු නැතිකරගන්න එපාලු. ඒක හොඳ දෙයක් නෙමේලු... එතකොට බලාපොරොත්තු තියාගන්න එක හොඳ දෙයක්ද? ඒත්, මට නං හිතෙන්නේ ඒකෙ අනිත් පැත්ත. මොකද මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ හොඳ දේවල් නමුත් හොඳ දේවල්, ඇත්තටම සිද්ද වෙන්නේ නැහැ! ඒත් මිනිස්සු කැමතියි බලාපොරොත්තු තියාගන්න. එයාලා ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එයාලා ජීවත් වෙන්න දේවල් කරනවා. ඉගෙනගන්නවා, විභාග ලියනවා, වැඩ කරනවා, සල්ලි හොයනවා... ඒත් ඇත්ත කතාව නම්, එයාලා ජීවත් වෙන්නෙ නෑ. එයාලා මැරෙනවා. ඒ නිසා එයාලා තමන් කැමති දේවල් කරන එක, එයාලා ආදරේ කරන අයව කොච්චර වටිනවද කියලා එයාලට කියන එක, ඒ ආදරේ දැනෙන්න අරින එකයි කරන්න ඕන... මැරෙන්න දේවල් කරන එක. ඒත් මිනිස්සු ඒකට බයයි. එයාලා මැරෙන්න බයයි. ඒ නිසා එයාල මැරෙන්න බලාපොරොත්තු වෙනවට වඩා ජීවත් වෙන්න බලාපොරොත්තු තියාගන්න කැමතියි.
මං?
මං මැරෙන්න බය නෑ. මං ජීවත් වෙන්න බයයි!

2015/07/25

Something about love...




There's something about love,
As two hearts write a new love story,
Somewhere there's a heart that's dying slowly...
They see the hearts that's filled with love,
Unseen the heart that cries out loud...
Four eyes are filled with hope and wills,
Two eyes are hurt by the sorrow that kills...
Every time when two hearts are healed,
another is broken for the same reason indeed...
It's something about love...

2015/07/18

මා කවියෙක් නොවූ කලෙක
සබඳ නුඹ නෙත රැඳුණි
නිසල හිස් සිත් අහස
බොහෝ කවිකම් මැවුණි...

2015/06/26

where the life met hope,
where the heart met love
where the soul met happiness
where my eyes met you!

ජීවිතයට බලාපොරොත්තුව මුණගැහුණු තැන,
හදවතට ආදරය මුණගැහුණු තැන,
සිතට සතුට මුණගැහුණු තැන,
නෙතට නුඹ මුණගැහුණු තැන!

2015/06/18

නුඹ විය ගැයෙන පෙම් කවිය

සද සඳ නැගෙන කළු අහසක දී එළිය
විඳ විඳ බිඳෙන සිත් දැහැනක සුවිසැරිය
සිඳ බිඳ දමා නෙත් තුල රැදෙන දුක් ගතිය
වැද හද තුලට නුඹ විය ගැයෙන පෙම් කවිය

2015/05/29

තරු දිලෙන
නිදිබර රැයක
නෙතු පියෙන
විඩාපත් පැයක
බෝ දුරක
හැරවුණු අතක
දුවන හිත
නැවතුණු තැන
නුඹ මතක...

2015/05/21

සිහින් පොද පැන් ඉස
කනට කර ගැයු කවි සෙත්
පෙමින් නළලත සිඹ
සුළඟ වැඩවූ සිත මෙත්
දියෙන් තවමින් - තද
රළු පොළෝ ගැබ කල තෙත්
සහන් වැස්සක් විය
යළි දැකුම නුඹ යුග නෙත්

2015/05/01

ටින් ටින්

වැහි වැටෙන්නට
කලින් හුළඟට
කොල සැලෙන හඬ
ටින් ටින්
හෙමින් ඇරඹී
වැස්ස - වැහි බිඳු
බිම වැටෙන හඬ
ටින් ටින්
කවුළු දොර ළඟ
පොඩි කුරුල්ලෙක්
ගී කියන හඬ
ටින් ටින්
වැහි වෙලාවේ
නුඹව සිහිවී
හද ගැහෙන හඬ
ටින් ටින්
kiki emoticon

2015/04/22

දුකත් සහනෙකි කඳුළකින් දැවෙන නෙත පිරිමදින
නුඹත් අහසෙකි මේකුළින් මහද මත වැසි වසින
නොනිත් සිහිනෙකි හැඟුමකින් කොමළ වත කිතිකවන
වසත් සමයෙකි හෙමි හෙමින් නුඹට සිත පෙම් බඳින heart emoticon

2015/04/06

බැඳී නැති සරණෙක
ඉර තවමත් තරුණ දිනයෙක
ලොව නිහඬ ගමනෙක
එක හදවත් බිඳෙන සමයෙක

2015/04/05

මල උඩට වේගයෙන් වැටුණත්
සිලිටි කෙමි අග බරට රැදුණත්
හීත වැහිබිඳු එක්ක කොහොමත්
පුංචි මල්පෙති යාළුයි...
නුඹ ගිහින් ටික කලක් ගෙවුණත්
මඟ බලා හිඳ දෑස රිදුණත්
මේ වගේ දුක් රෑක තවමත්
නුඹ නැතිව මට පාළුයි.....

2015/04/02

අද

අද
පැහැයන් තදය
දීප්තිමත්ය
අමුතු එළියක්ය
අද
අහස කළුය
හිරුද දිදුලාය
දේදුණු දහසක්ය
අද
වැහිබිඳු තියුණුය
දිස්නය දේය
දියමන්ති සේය
අද
යමක් සිදුවීය
හද ගැහුණේය
නුඹ ආයේය...

2015/04/01

තද හුළං සැරට
මහ ගස් නැවෙයි දෙක තුනට
ගුගුරයි හඬට
අකුණු පැන එහෙ මෙහෙට
වැහි බිංදු බිමට
වේගෙන් එන්නෙ එක වරට
නුඹ ඇවිත් හිතට
ඇහි පියන් බර වෙන්නෙ දුකට...

2015/03/29

වෙනස!

ලං වෙන්න බැරි බව
දුක් වෙන්න වෙන බව
දැනුනාම නුඹ වෙනස් වුණා
හරියට වගේ අහස...
ලං වෙන්න බැරි බව
දුක් වෙන්න වෙන බව
දැනම මං නුඹම හොයනව
අන්න ඒකයි වෙනස!

2015/03/26

මින්පෙර කිසිම දිනයක නොමවිඳි ලෙසට
කඩා වැටෙන තරමට හොඳටම බරට
හේදී යන්ට එසේ පිරුණ දුක හිතට
නැඟුනු කළු වලාවේ වැහැපන් තදට

2015/03/18

හිනාවට හේතු දුන් තිස්සෙම
එළිය දුන් මඟ ඔස්සෙම
පැහැය දුන් හිත අස්සෙම
සුවඳ දුන් දේ ඔක්කොම
ළඟින් නෑ දැන් ඇත්තෙම
නුඹෙන් පසු නෑ දැක්කෙම
උනුත් ගියාද නුඹත් එක්කම
ඒ පස්සෙම?

2015/03/14

පුංචි කහ පාට මල්
පිපෙන්නට ගත්තත්
අන්න වසන්තය ඇවිත්
නුඹ සිතුවත්
රොබරෝසියා කැකුළු
ගිලිහී
පිපෙන්නත් කලින්
අහස වැළපෙන්නෙ
නුඹ නොමැති සොවින්
නෑ වසන්තය නෑ
තවම ඇවිදින්.......

2015/03/11

බැඳුණු දූවිලි
පැරණි සිහිනවල,
ඉතිරි අළු
ආදරණීය මතකවල,
තදින් මුහුකොට,
දෙතොල දී දෙතොලට
පිඹිමි
ප්‍රේමයේ උණුසුම් හුස්ම
නුඹේ මියගිය
හදවතට

2015/03/08

තරුවලට වෙඩි තබමි

නුඹ එතැයි යළි සිතා
සිතින් බෝ දුක දරමි
දැන දැනත් නොඑන බව
යළි යළිත් මඟ බලමි
තරු රැසින් එළිය වුණු
මාවතේ නුඹ දකිමි
මොහොතකින් ඒ දැකුම
මිරිඟුවක් බව දකිමි
රෑ පුරා එළිය දෙන
තරු වලට වෙඩි තබමි
එකින් එක බිම හෙලා
ලොව අඳුර රජ කරමි
ඉතින් නම් නුඹ නොඑනු
නොදකිමියි සිත හදමි
මළ තරුත් ඝනඳුරත්
සැනසුමෙන් විඳගනිමි
මොහොතකින් නුඹේ පා
ගැටෙන හඩ මම අසමි
නුඹ නොවන බව දැනම
නොමළ තරුවක් සොයමි
නුඹ ඇවිත් මා දෙතොල්
සිපගන්න තුරු හිඳිමි
පා ගැටෙනුදැයි අසමි
අඳුර මැද නුඹ සොයමි
නැත එන්නෙ නැත නුඹ
දෙසවන් තදින් වසමි
සුළං රැල් ගෙන හමන
නුඹෙ සුවඳ ඉව කරමි
බෝ පෙරදි මහද විදි
නුඹෙ සුවඳ තව සොයමි
ඒ සුවඳ හදෙහි මිස
සුළඟෙ නැති බව දනිමි
දැන දැනම නුඹ පැමිණ
ඇතිද සිහිනෙන් සිතමි
තරුත් නැති නුඹත් නැති
තනි අඳුර මැද හඬමි
අළුත් තරුවක් ඉපිද
නුඹ එතැයි හෙට සිතමි
හෙට යළිත් මඟ බලමි
නුඹ දකිමි නුඹ අසමි
තරුවලට වෙඩි තබමි
දෙසවන් වසා හඬමි.....

2015/03/07

නුඹ සිටිය නම් කොතෙක් රිදුණත්
කඳුළු නොහලා ඉන්න තිබුණා
යනෙන මඟතොට හැපී වැටුණත්
යළි යළිත් නැගිටින්න තිබුණා
ලොවම යදමින් බැඳ පෙළූවත්
නුඹ නිසා හිනැහෙන්න තිබුණා
සැමට රහසින් දුක් සැදෑවක
නුඹේ නෙත් සිපගන්න තිබුණා
අහසෙ තරු කැට දිලෙන තරමට
ආදරේ පවසන්න තිබුණා
සයුරු තෙර රළ නැගෙන ගණනට
හාදු සුළඟේ එවනු තිබුණා
නික්ම යන්නට හිතෙන හැමවර
නුඹ සොයා යළි එන්න තිබුණා
නුඹ නැතිව දැන් හිඳිනු කුමකට
හෙමි හෙමින් මියැදෙන්න හිතුණා...

2015/01/16

A warmth of your sigh...

My heart gets cold
Cold, cold & cold
Without you nearby...
In the edge of freezing
It's caught by a warmth,
A warmth of yours sigh...