2015/02/20

නුඹ නූල කැඩුණු
රතු සරුංගලයක්
නිල් අහසෙ පාවෙන
මම සරුංගලයක්
සුළඟ ඉව අල්ලන
තවම නූල අග එල්ලෙන
මුළු වෙර දරා
සුළං රොද බදා
ඉහලට ඇදෙන්න බලන
හෙමි හෙමින් සීරුවෙන්
අහසට නඟින තුරු
නුඹ බලාගෙන ඉන්න
ඉහලට ඇදුන මුත්
ඇති නිසා නූල
බෑ මට දුරක යන්න
නූලක් නැති නිසා
සුළඟත් ඇති නිසා
හැකි මුත් ඈත යන්න
මා ඉහල ආ දිනක
නුඹ එපා දුර යන්න
මා අසල නවතින්න

No comments:

Post a Comment