2015/11/24

අඩෝ මේ හඳ,
අකුලගෙන යනවද
ආපු අතකට?
ආසයි තමයි හුඟක් අය
උඹේ දිලිසෙන මූණට
ඒ වුණත් මොන
කරුමයක්ද මේ
එළිය හොල්මන් පාටට!
මං නං ආස අමාවකට.
තරු කොහේ පෙනෙන්ටද ඉතිං
අඳුර බිඳුවක් නැති කොට
මේ මළ කෙහෙම්මල් පෝයට!

1 comment:

  1. හුගක් කවීන යොදා නොගන්නා භාශා රටාවක් වෙගම විරලානුභූතියක්. ලස්සනයි

    ReplyDelete