2019/02/23

ඉතා පැහැබර දවස්වල රෑට
ඈත දිදුලන තාරකා දැකිය හැක

බොහෝ ඉපැරණි කවි පොතක
පඬු පැහැ ගැණුනු පිටු තුළත් නුඹ සිටිය හැක

රෝසමල් සිතුවමක මලක එක් පෙත්තක
කොළ පැහැය තැවරුණේ වැරදීමකින් විය හැක

දිග සුදු සේද ගවුමක
කටු කොහොල් ඇමිණුනේ ලස්සනම මතකයන් ඉතිරි කර විය හැක

No comments:

Post a Comment