2019/05/20

අතිශයින් අහඹු වූ
අවශේෂ අකුණු සර
වැදීමෙන් හදවත
හැකිලෙමින් ඇඹරේ...

ඉතාමත් සීතලැති
ඉතිහාසයේ බිඳිති
ලේ නහර ඇටමිදුළු
වෙව්ලවා විසිරේ...

පල්ලියේ උළු හැළුණු තැනකින්
අපි බලා හිටියා වරුවක්
හිනැහෙමින් නිවි නිවී දිලිහෙන
දැං අම්මා අහසේ තරුවක්