2019/06/11

කුණාටුව පහවී ලැබෙන තුරු පියාඹන වාරය
ඇඟිලි තුඩකින් හෙමින් තට්ටු කර ලෑල්ලට තාලය
මිමිණූ ගීතයට කැටිකල ඔක්කෝම සෙනෙහසේ සාරය
මගේ හිස නුඹේ පපුවට, තදකරන් උන් කාලය...


2019/06/05

පිණි පිණි වැටුණු හැන්දෑවරු ගිනිගත්තා
යළි යළි නැගෙන රළ පතුළට ඇදගත්තා
තනි තනි බැලුම්ගල්වල අපි හිටගත්‍තා
පෙනි පෙනි ඇස් දෙකට මුහුදක් බිලිගත්තා