2019/02/23

තෙතැති උණුසුම් උදෑසනවල
නුඹ පැමිණියේ යැයි හැඟී
නිදිබර දෑස් තිගැස්සෙයි

පෙර මෙන් වළාකුළුවල
ඝනදුරක් නොමැති මුදු
බරැති වෙහෙසකර බවක් දිස්වෙයි

ඉතා හිස් බව දැනෙන
මගේ හදවත පවා
එසේ බර බැව් පසක් වෙයි

නුඹ නිසා බව මතක් වෙයි...

No comments:

Post a Comment