දුර ඈත සමයක සවස් යම
ජීවිතේ හමුවූ පළමු හා එකම දින
දන්නා හඳුනන සිනාවක් තිළිණ කල
නන්නාඳුනන යුවතිය පිළිබඳ...
එළිමහන් පුටුවක හිඳිමින්
දුම් පයිප්පයක් උරමින්
නිවී සැනසිල්ලේ සිහියට නඟන
වියපත් මිනිසෙකුට හිතෙන්නේ කොහොමද...
ඉතාමත් විඩාබර දිනයක වෙහෙසව
හුදකලා නවාතැන පැයක් වතුරට දියකර
සියක් දහසක් වැඩ ඔහේ අලසව අතහැර
උණුසුම් කෝපි බිඳෙන් බිඳ බොන මොහොතක
ඔබ ගැන හිතමින් සිටින මට
දැනෙන්නේ අන්න එහෙමය...!
No comments:
Post a Comment