2023/05/05

 ඔබ මෙහි සිටින දිනවල,


කවදත් වැක්කෙරෙන කෝපිම ඉතා සැලකිල්ලෙන් සෑදෙයි.
සඳැල්ලට නැමී ඇති බෝගන්විලා මත හිරු එළිය වෛවර්ණ පෑ වෙයි.
පිඟන් එකිනෙක ගැටෙන හඩ සමඟ මිමිණෙන ගීතයක් හාවෙයි.
හදවතේ සිරවූ දොර කවුළු පෑදී ආදර සංධ්වනි වෑහෙයි

හෙටත් ජීවත් වෙන්න තරමට හේතු අරගෙන, රෑ වෙයි...

No comments:

Post a Comment