සිහින් පොද පැන් ඉස
කනට කර ගැයු කවි සෙත්
පෙමින් නළලත සිඹ
සුළඟ වැඩවූ සිත මෙත්
දියෙන් තවමින් - තද
රළු පොළෝ ගැබ කල තෙත්
සහන් වැස්සක් විය
යළි දැකුම නුඹ යුග නෙත්
2015/05/21
2015/05/01
ටින් ටින්
වැහි වැටෙන්නට
කලින් හුළඟට
කොල සැලෙන හඬ
ටින් ටින්
කලින් හුළඟට
කොල සැලෙන හඬ
ටින් ටින්
හෙමින් ඇරඹී
වැස්ස - වැහි බිඳු
බිම වැටෙන හඬ
ටින් ටින්
වැස්ස - වැහි බිඳු
බිම වැටෙන හඬ
ටින් ටින්
කවුළු දොර ළඟ
පොඩි කුරුල්ලෙක්
ගී කියන හඬ
ටින් ටින්
පොඩි කුරුල්ලෙක්
ගී කියන හඬ
ටින් ටින්
වැහි වෙලාවේ
නුඹව සිහිවී
හද ගැහෙන හඬ
ටින් ටින්
නුඹව සිහිවී
හද ගැහෙන හඬ
ටින් ටින්
kiki emoticon
2015/04/22
2015/04/05
2015/04/02
අද
අද
පැහැයන් තදය
දීප්තිමත්ය
අමුතු එළියක්ය
අද
අහස කළුය
හිරුද දිදුලාය
දේදුණු දහසක්ය
අද
වැහිබිඳු තියුණුය
දිස්නය දේය
දියමන්ති සේය
අද
යමක් සිදුවීය
හද ගැහුණේය
නුඹ ආයේය...
පැහැයන් තදය
දීප්තිමත්ය
අමුතු එළියක්ය
අද
අහස කළුය
හිරුද දිදුලාය
දේදුණු දහසක්ය
අද
වැහිබිඳු තියුණුය
දිස්නය දේය
දියමන්ති සේය
අද
යමක් සිදුවීය
හද ගැහුණේය
නුඹ ආයේය...
Subscribe to:
Posts (Atom)
