පුංචි කහ පාට මල්
පිපෙන්නට ගත්තත්
අන්න වසන්තය ඇවිත්
නුඹ සිතුවත්
රොබරෝසියා කැකුළු
ගිලිහී
පිපෙන්නත් කලින්
අහස වැළපෙන්නෙ
නුඹ නොමැති සොවින්
නෑ වසන්තය නෑ
තවම ඇවිදින්.......
2015/03/14
2015/03/11
2015/03/08
තරුවලට වෙඩි තබමි
නුඹ එතැයි යළි සිතා
සිතින් බෝ දුක දරමි
දැන දැනත් නොඑන බව
යළි යළිත් මඟ බලමි
සිතින් බෝ දුක දරමි
දැන දැනත් නොඑන බව
යළි යළිත් මඟ බලමි
තරු රැසින් එළිය වුණු
මාවතේ නුඹ දකිමි
මොහොතකින් ඒ දැකුම
මිරිඟුවක් බව දකිමි
රෑ පුරා එළිය දෙන
තරු වලට වෙඩි තබමි
එකින් එක බිම හෙලා
ලොව අඳුර රජ කරමි
ඉතින් නම් නුඹ නොඑනු
නොදකිමියි සිත හදමි
මළ තරුත් ඝනඳුරත්
සැනසුමෙන් විඳගනිමි
මාවතේ නුඹ දකිමි
මොහොතකින් ඒ දැකුම
මිරිඟුවක් බව දකිමි
රෑ පුරා එළිය දෙන
තරු වලට වෙඩි තබමි
එකින් එක බිම හෙලා
ලොව අඳුර රජ කරමි
ඉතින් නම් නුඹ නොඑනු
නොදකිමියි සිත හදමි
මළ තරුත් ඝනඳුරත්
සැනසුමෙන් විඳගනිමි
මොහොතකින් නුඹේ පා
ගැටෙන හඩ මම අසමි
නුඹ නොවන බව දැනම
නොමළ තරුවක් සොයමි
නුඹ ඇවිත් මා දෙතොල්
සිපගන්න තුරු හිඳිමි
පා ගැටෙනුදැයි අසමි
අඳුර මැද නුඹ සොයමි
නැත එන්නෙ නැත නුඹ
දෙසවන් තදින් වසමි
ගැටෙන හඩ මම අසමි
නුඹ නොවන බව දැනම
නොමළ තරුවක් සොයමි
නුඹ ඇවිත් මා දෙතොල්
සිපගන්න තුරු හිඳිමි
පා ගැටෙනුදැයි අසමි
අඳුර මැද නුඹ සොයමි
නැත එන්නෙ නැත නුඹ
දෙසවන් තදින් වසමි
සුළං රැල් ගෙන හමන
නුඹෙ සුවඳ ඉව කරමි
බෝ පෙරදි මහද විදි
නුඹෙ සුවඳ තව සොයමි
ඒ සුවඳ හදෙහි මිස
සුළඟෙ නැති බව දනිමි
දැන දැනම නුඹ පැමිණ
ඇතිද සිහිනෙන් සිතමි
නුඹෙ සුවඳ ඉව කරමි
බෝ පෙරදි මහද විදි
නුඹෙ සුවඳ තව සොයමි
ඒ සුවඳ හදෙහි මිස
සුළඟෙ නැති බව දනිමි
දැන දැනම නුඹ පැමිණ
ඇතිද සිහිනෙන් සිතමි
තරුත් නැති නුඹත් නැති
තනි අඳුර මැද හඬමි
අළුත් තරුවක් ඉපිද
නුඹ එතැයි හෙට සිතමි
හෙට යළිත් මඟ බලමි
නුඹ දකිමි නුඹ අසමි
තරුවලට වෙඩි තබමි
දෙසවන් වසා හඬමි.....
තනි අඳුර මැද හඬමි
අළුත් තරුවක් ඉපිද
නුඹ එතැයි හෙට සිතමි
හෙට යළිත් මඟ බලමි
නුඹ දකිමි නුඹ අසමි
තරුවලට වෙඩි තබමි
දෙසවන් වසා හඬමි.....
2015/03/07
නුඹ සිටිය නම් කොතෙක් රිදුණත්
කඳුළු නොහලා ඉන්න තිබුණා
යනෙන මඟතොට හැපී වැටුණත්
යළි යළිත් නැගිටින්න තිබුණා
ලොවම යදමින් බැඳ පෙළූවත්
නුඹ නිසා හිනැහෙන්න තිබුණා
සැමට රහසින් දුක් සැදෑවක
නුඹේ නෙත් සිපගන්න තිබුණා
අහසෙ තරු කැට දිලෙන තරමට
ආදරේ පවසන්න තිබුණා
සයුරු තෙර රළ නැගෙන ගණනට
හාදු සුළඟේ එවනු තිබුණා
නික්ම යන්නට හිතෙන හැමවර
නුඹ සොයා යළි එන්න තිබුණා
නුඹ නැතිව දැන් හිඳිනු කුමකට
හෙමි හෙමින් මියැදෙන්න හිතුණා...
කඳුළු නොහලා ඉන්න තිබුණා
යනෙන මඟතොට හැපී වැටුණත්
යළි යළිත් නැගිටින්න තිබුණා
ලොවම යදමින් බැඳ පෙළූවත්
නුඹ නිසා හිනැහෙන්න තිබුණා
සැමට රහසින් දුක් සැදෑවක
නුඹේ නෙත් සිපගන්න තිබුණා
අහසෙ තරු කැට දිලෙන තරමට
ආදරේ පවසන්න තිබුණා
සයුරු තෙර රළ නැගෙන ගණනට
හාදු සුළඟේ එවනු තිබුණා
නික්ම යන්නට හිතෙන හැමවර
නුඹ සොයා යළි එන්න තිබුණා
නුඹ නැතිව දැන් හිඳිනු කුමකට
හෙමි හෙමින් මියැදෙන්න හිතුණා...
2015/01/16
A warmth of your sigh...
My heart gets cold
Cold, cold & cold
Without you nearby...
In the edge of freezing
It's caught by a warmth,
A warmth of yours sigh...
2014/11/24
රැලි
නැගෙන මුත් උසට
බිඳී යන යළි
රැගෙන යන පතුලට
සෝදාන වැලි
විටෙක කඳුළැලි ද
ගෙනෙන හසරැලි
නුඹ මගේ හිත්
සමුදුරේ රැලි
බිඳී යන යළි
රැගෙන යන පතුලට
සෝදාන වැලි
විටෙක කඳුළැලි ද
ගෙනෙන හසරැලි
නුඹ මගේ හිත්
සමුදුරේ රැලි
2014/10/21
හීන
පාර මැද ඉඳගෙන
නිල් අහස බලාගෙන
රත්තරන් ඉර ළඟට යන්න
මං අතාරින,
පාර දෙපැත්තේ
ගස් වල අතුවල
වැදිලා කැරකිලා
ආපහු බිමට එන,
නිල් අහස බලාගෙන
රත්තරන් ඉර ළඟට යන්න
මං අතාරින,
පාර දෙපැත්තේ
ගස් වල අතුවල
වැදිලා කැරකිලා
ආපහු බිමට එන,
මගේ හීන...
Subscribe to:
Posts (Atom)

