2018/05/23

It's true that I dreamed of roses
It's true that I dreamed of fancy dates
It's true that I wished for prince charming
Now here I am, with you...
You can't afford to buy me roses
Nor fancy dates
And not so charming some may say...
But it's you who kissed me
On forehead when I kissed your lips
It's you who came back
No matter how far you went...
It's you who's the tallest
The tallest love of all
I'm proud I was cautious
To see you, who you are
I think I can say I'm happily
wasn't blinded by roses, dates or charms

I'm proud that I chose you
I'm proud that you are mine... ❤️

2016/12/10

I love you with my eyes closed

At a time when all the romance is old
And petals of every rose, falls
In a world full of hearts that're cold
I love you, with my eyes closed... <3

Photograph : "V-J Day in Times Square", by Alfred Eisenstaedt

2016/11/19

රිදී පැහැ සයිලෆෝනයක්
වීදුරු මිටකින් වයන
මිහිරි නාදයක්
ඈතින් ඇසුණි

විඩාබර සවස් කල
වියපත් හිරු කිරණ
කිරිගරුඬ පොළොව මත
ඇලයකට වැටුණි

වියළි පත් විසිරුණු
ඉපැරැණි සඳැල්ලක
සෝපාවක ගිලී
හිඳින්නට සිතුණි

රෝස පැහැ රෝස මල්
අතින් සිතුවම් කෙරුණු
පීරිසි කෝප්පෙක
තේ වතුර නිමුණි

සුදු ගවොම ලිහිල් කර
කෙහෙරැලිද ලිහූයෙන්
දෙඋරහිස් නිරුවත්ව
සුළං පහරට ඇරුණි

එවන් ඒ ගිමන්කල
නොනින්දත් නින්දත් අතර
හදවතේ කවුළු ළඟ
නුඹේ කටහඬ ඇසුණි!

පියාඹන්නට හිතෙන හෙයින්
අහස නොපෙනෙන්න පාට තවරමි
සොයා යන්නට හිතෙන හෙයින්
සිතිජය වැසෙන්නට රූප අලවමි
නුඹ සිහිනයෙන් පෙනෙන හෙයින්
රැයම නොනිදා සිතුම් අහුලමි
කිසිමදා හිමි නොමැති හෙයින්
පෙමක සිතුවිලි සිතක සඟවමි

2016/07/08

අන්ධකාරෙට සඳ නොඒ නම්
නුඹ තැවෙන කවි හදවත් ඇහැරවන තරු එළිය
තුරු මුදුන් මත පිණි වැටේ නම්
නුඹ සමනල පියාපත් විනිවිදින හිරු එළිය

2016/06/27

Homeless

The finest illusions leave minds restless
Awake at night, small feelings that's helpless
Despite stone eyes of those who are heartless
When reached the void, love is powerless
Miracles don't happen when souls are hopeless
On a dark cloudy night even the moon is homeless

I love a heartless person, you. but it is a shout to the void. That love is such a illusion, otherwise you should feel it too. I wonder how it feels so real. Now  I'm hopeless. In a such situation cannot think a miracle will happen and make you love me back. I love you like the moon lights the whole sky. But you reject me, I feel like the moon on a cloudy night.

2015/11/24

අඩෝ මේ හඳ,
අකුලගෙන යනවද
ආපු අතකට?
ආසයි තමයි හුඟක් අය
උඹේ දිලිසෙන මූණට
ඒ වුණත් මොන
කරුමයක්ද මේ
එළිය හොල්මන් පාටට!
මං නං ආස අමාවකට.
තරු කොහේ පෙනෙන්ටද ඉතිං
අඳුර බිඳුවක් නැති කොට
මේ මළ කෙහෙම්මල් පෝයට!